Published
                
                 
                
            හලාවත දිසා සහ මහේස්ත්රාත් අධිකරණයේ නිලධාරියෙකු අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පුද්ගලයෙකුගෙන් රුපියල් හය ලක්ෂ 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මතයි.
ආණමඩුව මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකට අදාළභාණ්ඩයක් වන ට්රැක්ටර් රථයක රස පරික්ෂක වාර්තාව කඩිනමින් ලබාගෙන එම ට්රැක්ටරය මුදා හැරීම සඳහා සැකකරු එම අල්ලස් මුදල ලබා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.




