කොටවෙහෙර පොලිස් වසමේ පලුගොල්ල ප්‍රදේශයේදී කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුගිය මැයි 16 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
එමසැකකරුවන් අවුරුදු 19 හා 28 වයස්වල පසුවන මහඋස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ඔවුන් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර මැයි 21 දින මෙම නඩුව නැවත කැඳවීමෙන් පසු සැකකරුවන් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 5,000/= බැගින් දඩ නියම කර තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රීරෝද රථයෙන් පොලිස් ස්ථානයට රැගෙන එන අවස්ථාවේ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු විසින් වැටලීම සිදු කරන ලද නිලධාරීන් හට අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් සාපරාධී බලහත්කාරය පා අයුතු අවහිරය සිදුකර වීඩියෝ ගත කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම වීඩියෝ පටය පසුගියදා දැරණියගල පොලිස් වසමේ සිදුවූ සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
ඒ අනුව ඉහත චෝදනාවට අදාලව මෙම සිදුවීම වීඩියෝ ගත කරන ලද සැකකරුවන් 05 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු පලුගොල්ල ප්‍රදේශයේදී නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 47 ක් වන පලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොටවෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




