Published
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ එල් 19 කිලෝමීටර් කණුව ආසන්නයට අපද්‍රව්‍ය බැහැර කළ වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ. එම අධිවේගි මාර්ගයේ ජංගම සංචාර රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින්.
කොළඹ දෙස සිට කටුනායක දෙසට මගීන් පිරිසක් රැගත් එම වෑන් රථය ධාවනය වෙමින් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.




