Published
කැබතිගොල්ලෑව, ගෝනමැරියාව ප්රදේශයේ විහාරස්ථානය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර දින දහයක බිළිදෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ.
පදවි ශ්රීපුර සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබතිගොල්ලෑව දෙසට ධාවනය වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කැබතිගොල්ලෑව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




