ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඒ, පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී සිය වත්තේදීයි.

එම වත්තේ සේවකයන් දෙදෙනෙකු අතර සිදුවූ ආරවුලක් විසදීමට යාමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ආරවුල හටගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් එලෙස තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.