දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන මීටියාගොඩ රාජු නොහොත් SF රාජු නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා.
නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගැණුණු ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ ඉන්දියාව වෙත ගිය මෙරට විශේෂ පොලිස් කණ්ඩායාමක් විසින්.
මීටියාගොඩ රාජු නොහොත් SF රාජු මීටියාගොඩ , කරන්දෙණිය , ඇල්පිටිය සහ බලපිටිය පොලිස් බල ප්‍රදේශ තුළ මිනීමැරුම් , මනුෂ්‍ය ඝාතන සදහා තැත් කිරීම සහ ඒ සදහා ආධාර අනුබල ලබා දීම ඇතුළු තවත් චෝදනා රැසකට එම ප්‍රදේශවල අධිකරණ සදහා අවශ්‍ය පුද්ගලයෙකු වනවා.
ඔහුට එරෙහිව මේ වනවිට විවෘත වරෙන්තු 16 ක්, ගුවන් ගමන් තහනම් 24 ක් මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන ද ලැබූවෙක් වනවා.
ඔහු ඉන්දියාව වෙත පළා ගොස් නවදිල්ලි නුවර රැදී සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.




