බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි නෝර්ත් සවුන්ඩ්ස්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා තවත් ලකුණු 37ක් ඉදිරියෙන් සිටියා.

මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමිනුයි සිටින්නේ.

ඊයේ තරගය නතර කරන විට ඔවුන් කඩුලු පහක් දැවී ලකුණු 271 රැස්කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 308ට පිළිතුරු ලෙසයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් දවාගෙන සිටිනවා.