Published
කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසිදු ලෙසකින් වෙනත් පාර්ශවයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසනවා.
ඉන්දීය ධීවරයින් විසින් උතුරේ සිදුකරන අනවසර මසුන් ඇල්ලීමේ ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පතද විනාශ වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ.
හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට එරට පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා.