පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ අනුව දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ විශේෂ නෙත් ජංගම රථ සේවයක් අද දිනය පුරා කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මකයි.

මෙම ජංගම රථ සේවයට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඔබට පරිත්‍යාග කළ හැකියි.

ඒ අනුව එම ජංගම රථ සේවය මේ වන විට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අසල රැඳී සිටිනවා. මේ, එහි සිටින නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල්.

මේ අතර, නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනට සමගාමීව පරිත්‍යාග භාර දීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 17ක් පිහිටුවා තිබෙනවා.

කොල්ලුපිටිය පස්වන පටුමඟේ නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල, අනුරාධපුර රුවන්වැලි සෑ මහා විහාරයේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, හිරිඹුර රත්න ෆර්නිචර්ස් ආයතනය, මාතර පල්ලිමුල්ල පරණ පාරේ මනම්පේරී බාත්වෙයාර්, ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානය, ඌරාපොළ, මීවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම ධර්මායතන පිරිවෙන, බලංගොඩ තුඹගොඩ මහ පන්සල, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය සහ අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාව යන ස්ථානවලට අදාළ පරිත්‍යාගයන් සිදු කළ හැකියි.

එමෙන්ම සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ්හි ශාඛාවන් වන කළුතර, වත්තල, හොරණ, පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, මාතර සහ ඇඹිලිපිටිය යන ස්ථානවලදීද නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනට දායක වීමට ඔබට හැකියාව පවතිනවා.

නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.