Published
රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඉන්දීය ජාතිකයෙකු වන ඔහු රැගෙන ආ ගමන් මල්ලේ තිබී මත්පෙති 23,000 ක තොගයක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
කටුනායක ගුවන් තොටුපොලේදී සොයාගත් වැඩිම මත්පෙති තොගය මෙය වන බවත් එහි වටිනාකම රුපියල් දහනව කෝටි අසු ලක්ෂයක් වන බවත් රේගු නිලධාරීන් පැවසුවා.
එමෙන්ම සැකකාර ඉන්දීය ගුවන් මගියාගේ ගමන් මල්ලේ තිබි කොකේන් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 121 ක ප්රමාණයක් ද සොයාගෙන තිබෙනවා.
ප්රංශයේ පැරිස් නුවරින් කටාර් රාජ්ය වෙත පළමු පැමිණ ඇති ඔහු ඉන් අනතුරුව දිවයිනට පැමිණ තිබෙනවා.



