අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ නඩුව එළඹෙන 21 වනදා යළි කැඳවීමටද අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගැණුනේ අද පෙරවරුවේයි.

පහරකෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා.