Published
අද දිනයේද දිවයින පුරා ක්‍රියාත්මක සියළු දන්සැල් පරීක්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම ඊයේ දිනයේ දන්සැල් පැවැත්වූ ස්ථාන ද අද දිනයේ විශේෂ පරික්ෂාවකට ලක් කරන බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
මේ අතර ඩෙංගු මර්දනය කිරීම ආණ්ඩුවට පමණක් තනිව සිදු කර නොහැකි බවත් ඊට සියළු ජනතාවද සහාය දැක්විය යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසුවා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 54,000 ඉක්මවා ගොස් තිබෙනවා.
සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 30 ක්.




