වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙකු කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසිය සමග පොරබැදීමක් සිදු වී ඇති අතර එහිදී එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්‍ෂා කරනු ලබනවා.

එම සැකකරුගේ තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.