ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද පස්වන දිනටත් පැවැත්වෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරනු ලැබුවේ පසුගිය 04 වනදායි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීම සිදු කෙරුණා.

එම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ පළමු අවස්ථාව මෙය වනවා.

පෙබරවාරි 11 වනදා උදෑසන 07 දක්වා මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව පැවැත්වෙනවා.