ලෝක වෙළඳෙපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම ඊට ප්‍රධාන හේතුව බවයි පැවසෙන්නේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය ඉරිදා අමෙරිකානු ඩොලර් 118 ක් ලෙස පැවතියා. ඊයේ දිනයේ බොරතෙල් බැරලයක මිල පැවතියේ අමෙරිකානු ඩොලර් සියයේ සීමාවේයි.

කෙසේවෙතත් අද දිනයේ බොරතලේ බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්වා ගොස් තිබෙනවා.

ඒ, ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400 ක වාර්තාගත සංචිතයක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එනම් ජී 7 රටවල් ඊයේ ඒකමතිකව එකඟ වී තිබූ පසුබිමක් තුළයි.

ලෝක වෙළද පොළේ ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට මිල ගණන්ද ඉහළ දැමුණා.

කෙසේවෙතත් මෙරට ජනතාව සමූහිකව කටයුතු කළහොත් පවතින ගැටළු අවම කර ගත හැකි බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ.

කෙසේවෙතත් පසුගියදා රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.