Published
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පිරිසකගේ පොලිසිය භාරයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා සැකකාර පොලිස් නිලධාරියා විසින් අල්ලස් ඉල්ලා ඇතැයි කියවෙනවා.
ඔහු විසින් එලෙස ඉල්ලා ඇතැයි කියන අල්ලස් මුදල රුපියල් ලක්ෂ තුනක්.
මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ.




