ක්ෂේත්‍ර කිහිපයක් සදහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු මෙම පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ධෂඛ ඵ්ශඹඍ් 02*
මේ අතර 2025/26 මහකන්නයේ අස්වනු නෙළන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් ද යළ කන්නයේ වගා කිරීමට සීසෑමේ කටයුතු සිදු කරන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 20ක ඉන්ධන ලබාදීමට නියමිතයි.
එමෙන්ම, මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් - 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා ඊයේ (16) පැවසුවා.