රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කාර්යංශ භාරයේ සිටින හරක් කටා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහුට කොළඹ ජාතික රෝහලේ 37වන වාට්ටුවේදී තනිව ප්‍රතිකාර ලබා දුන් බවයි වාර්තා වුණේ.

එම ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සුවය ලැබූ හරක් කටා, ඊයේ දිනයේ යළි තංගල්ල පැරණි බන්ධනාගාරය වෙත යළි රැගෙන ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.