ජාවාරම් කිරීම සඳහා ලොරි රථයක් මගින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොචිච්ය කඳවුරේ නිලධාරින් පුනරින් - යාපනය මාර්ගයේ 22 වන කිලෝ මීටර් කණුව අසල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි.

එම ලොරි රථයේ තිබී කේරළ ගංජා කිලෝ 46යි ග්‍රෑම් 615ක් සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරුවන් සහ ගංජා තොගය පුනරින් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.