පුත්තලම අධ්‍යාපන කලාපයේ  පාසල් කිහිපයක් අද දිනයේ වසා දමා තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට පියවර ගත් බවයි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අයි එම් ටී එන් ප්‍රසාද් මහතා පැවසූවේ.

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙන්ම මාර්ග බොහොමයක්ද ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ අතර අද දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගිුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.