සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ, මන්ත්‍රීවරයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ඉකුත්දා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින්.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
මේ අතර ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු දැක්වීමක් සිදුකළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ ඉන්දිය රජය විසින් මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල සදහා යෙදවූ මුදල් අශුද්ධ මුදල් ලෙස දන්වා ඇති බවයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ බී වර්තාවේ ඒ බව දන්වා තිබේද යන්නයි.
ඉදිරි දින ඒ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් බි වර්තාවකින් ඉදිරිපත් කරන බව දැන්වු අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජෙනරාල් වරිය මේ පිළිබඳව අන්‍යෝන්‍ය සහයෝගිතා වැඩපිළිවෙළ යටතේ ඉන්දියාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දී ඇති බවත් පැවසුවා.
මේ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීම පසුවට කල් තැබුණා.




