මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්ත ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට වාසනාවන්තයෙකු ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ “මෙගා පවර්” 2010 වන දිනුම් වාරයේදීයි.

එහිදී පිරිනැමූ සුපිරි ත්‍යාග මුදල රුපියල් හතළිස් හත් කෝටි හතළිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකක්.

ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකු විසින් එම ජයග්‍රාහී ටිකට් පත අලෙවි කර තිබෙනවා.

මීට පෙර මෙරට ලොතරැයි ඉතිහාසයේ පිරිනැමූ දැවැන්තම ත්‍යාග මුදල වූ රුපියල් කෝටි 23ක සුපිරි ත්‍යාගය පිරිනැමුණේද ජාතික ලොතරැයි මණ්ඩලයේ “මෙගා පවර්” ලොතරැයිය මගින් වීම විශේෂත්වයක්.