රුපියල් මිලියන 202කට අධික වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයී.
එහිදී කැබ් රථයක් තුළ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ කංසා කිලෝ ග්‍රෑම් නව සියයකට අධික තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්, මැගසින් හතරක්, ජීව උණ්ඩ හතලිහක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ වැඩිදුර තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෝටර් රථයක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44 සහ 51 අතර වයස්වල පසුවන අනුරාධපුර උලුක්කුලම, පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් වනවා.
එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඔ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.