තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැදුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමටයි එම දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ කටයුතු කළේ.

පරිගණක පද්ධතියේ හදිසි බිද වැටීම අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11 සිට සියලුම මහජන සේවාවන් යළි ආරම්භ කළ බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවේ.