වර්තමානයේ වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් මෙරට ඇති කිරීමටත්, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහාත්, වගකීම් සහගත ජනමාධ්‍යකරණය පිළිබඳ වගකීම් සමාජය තුළ ඇති කිරීමත්, එහි සමබරතාවය ඇති කිරීම සඳහාත්, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අභියෝගය වී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය පවසනවා.

සියලු දෙනාගේම සහයෝගයෙන් එම ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට හැකිවෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

අභිනව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය සිය රාජකාරී අද ආරම්භ කරමින් මෙම අදහස් පළ කළා.

නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඇය රාජකාරී ආරම්භ කළ අතර එම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.