වායු කාන්දුවීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගඟනගාමීන්ට ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ නවාතැන් ගන්නා ලෙස නාසා ආයතනය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඉන් ඉවත්විමටද සූදානමින් සිටින ලෙසටද නාසා ආයතනය ගඟනගාමීන්ට දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසේ, කොටසක් වන ස්වෙස්ඩා සේවා මොඩියුල උමග තුළ යම් කාලයත් පුරාවට ඉරි තැලීම් සහ කාන්දුවීම්වලින් පෙලුණු බවයි පැවසෙන්නේ.

නව කාන්දුවීම්වලින් පසුව අද දිනයේදී පුළුල් අලුත්වැඩියා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුසියානු කාර්ය මණ්ඩලයක් විසින් වායු කාන්දුව නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙලෙස නවාතැන් ගන්නා ලෙසයි නාසා ආයතනය ගගනගාමීන්ට දැනුම්දී ඇත්තේ.

එමෙන්ම වඩාත් ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා රුසියානු සඟයන් සමග මෙන්ම අභ්‍යවකාශ මධයස්ථානයට සහාය දක්වන අනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන බවද නාසා ආයතනය වැඩිදුරටත් පවසනවා.