පවතින වියළි කාලගුණයත් සමග මෙරට වැඩිම විදුලි ඉල්ලුම ඉහළ යමින් ඇතැයි ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බුද්ධික සමරසේකර මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ පසුගිය සදුදා විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,089ක් ලෙස වාර්තා වී ඇති බවයි.

මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවයි ඔහු කියා සිටියේ.

පවතින වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුමේ වැඩිවීමක් පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ.