එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ආහාර ද්‍රව්‍ය අළෙවි කරන වෙළඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මෙම පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් යොදවන බවයි.

උත්සව සමයේදී කූඨ වෙළදුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව විමසිල්ලෙන් ක්‍රියා කළයුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර එළඹන උත්සව සමයය නිමිත්තෙන් පසුගිය විසිවනදා සිට පාරිභෝගික කටයුතු අධිකාරියද වෙළඳසල් පරීක්‍ෂා කිරීම සහ විශේෂ වැටලීම් ආරම්භ කළා.