මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අග්බෝපුර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අග්බෝපුර පොලිස් වසමේ යුනිට් 19, තුනේ ඇල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 54 හැවිරිදි අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු සම්බන්ධයෙන් අග්බෝපුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අඹන්පොළ, නෙළුම්පත් වැව ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සන්තකව සිටි තවත් සැකකරුවෙකු නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු 62 හැවිරිදි වියේ පසුවන අඹන්පොළ, නෙළුම්පත් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් අඹන්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.