Published
වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ස්ථානයක් වටලා තිබෙනවා.
එම වැටලීමේදී විදෙස් ජාතික පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු බව සඳහන් වේ.
එම ස්ථානයේ තිබී අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මෙතම්ෆෙටමින් නම් රසායනික ද්‍රව්‍ය ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.




