රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ ආඥාවක් අනුව තමන්ට " මිත්‍රවයේ සම්මානය " හිමි වූ බව එම සම්මානය හිමි කර ගෙන මෙරටට පැමිණි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා 11/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

මෙම සම්මානය ලබා දීම සදහා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් සිදු කර ඇති කාර්යය භාරය මෙන්ම ආර්ථික , මානුෂීය සම්බන්ධතාවය පිළිබද සිදු කර ඇති මෙහෙවර , පිළිබද ඇගැයීමක් සිදු කර මෙම සම්මානය , රුසියාවට ජාතික වශයෙන් වැදගත් දිනයක් වන ඉකුත් 11/04 දින ක්‍රෙම්ලින් මන්දිරයේ දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් පෞද්ගලිකව පිරිනැමීමට කටයුතු කර තිබු බවයි මෙරටට පැමිණි වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා සඳහන් කර සිටියේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය සමන් වීරසිංහ මහතා අප දෙරට අතර සම්බන්ධතා ආරම්භ වී වසර 69 ක කාලය තුළ , කිසිදු ප්‍රශ්ණයක් ඇති වී නොමැති බවත් , ගෝලීය ගැටළු වලදී , ශ්‍රී ලංකාවට යම් යම් ගැටළු මතු වූ අවස්ථාවලදී ඍජුව උදව් කර තිබෙන බවත් , මානව හිමිකම් ගැටළු වලදී එක් අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ රුසියාව නිශේධ බලය පාවිච්චි කරමින් එම යෝජනාව ඉවත ලෑමට පියවර ගෙන ඇති බවත් සඳහන් කර සිටියා.