දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ඒ අනුව  හෙට (12) සවස 4:00 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

අනතුරු ඇඟවීමේ මට්ටම් සහ ප්‍රදේශ,

මට්ටම 2 - අවධානම් (කහ පැහැය)

කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල.

මට්ටම 1 - දැනුවත් වීමේ (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය - ඇල්ල සහ පස්සර.

කළුතර දිස්ත්‍රික්කය - වලල්පිට සහ බුලත්සිංහල.

මහනුවර දිස්ත්‍රික්කය - තුම්පනේ, යටිනුවර, හතරලියැද්ද සහ දොළුව.

කෑගල්ල දිස්ත්‍රික්කය - අරණායක, දෙහිඕවිට, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල සහ වරකාපොළ.

කුරුණෑගල දිස්ත්‍රික්කය - මාවතගම, මල්ලවපිටිය සහ අලව්ව.

මාතලේ දිස්ත්‍රික්කය - මාතලේ, රත්තොට සහ අම්බන්ගඟ කෝරළය.

නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය - ඉඹුල්පේ, නිවිතිගල, අයගම, කුරුවිට, වැලිගෙපොළ, ඇහැළියගොඩ, කලවාන සහ රත්නපුර.

මේ අතර

අඛණ්ඩව පවතින වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, ඉහත ප්‍රදේශවල ජනතාවට සහ රියැදුරන්ට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙනවා.