කිළිනොච්චියේ තිරුවායී ආරු ප්‍රදේශයේ වැසියෙකු වැලි පටවන ලද ටිපර් රථයකට යට වීමෙන් එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම 11 දා මියගොස් තිබෙනවා.

සෙල්වරත්නම් සෝපනාත් නැමති 34 හැවිරිදි මෙම පුද්ගලයා සිය නිවස ඉදිරිපිට තම යතුරු පැදිය නවතා වෙනත් අයෙකු සමග කතා කරමින් සිටියදී වැලි පටවා ගෙන අධික වේගයෙන් පැමිණි ටිපර් රථයකට ඔහු යට වී තිබෙනවා.

කිළිනොච්චිය පොලීසිය විසින් අදාල ටිපර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය අයගේ මළ සිරුර කිළිනොච්චිය රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා බාර දී තිබෙනවා.