කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ සංඛේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට එරෙහිව අද පෙරවරු අටේ සිට එම රෝහලේ වෛද්‍යවරුන් එලෙස සංඛේත වැඩවර්ජනයක නිරත වන බවයි.

මේ අතර නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්‍ෂිත කිරීම සඳහා සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් සැලසුම් කළ පරිදි හෙට සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ පවතින ගැටලු සඳහා අද දිනය තුළ විසඳුම් නොලැබෙන්නේ නම් ඉතිහාසයේ මෙතෙක් නොදුටු ක්‍රියාමාර්ගවලට එළඹීමට සිය සංගමය සාකච්ඡා කරමින් සිටින බවයි.