වසර 130ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට තිබු අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට අද අහිමි වුණා.
ඒ, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිම ටෙස්ට් සටන වන ‘අළු බඳුන‘ තරගාවලියේදීයි.
මෙවර අළු බඳුන තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වුණා.
එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භ පිතිකරු ට්‍රැවිස් හෙඩ් සිය දෙවන ඉනිමේදී ලකුණු 123ක් රැස් කළ අතර, ඔහු සිය අර්ධ ශතකය පන්දු 36කින් වාර්තා කළා.
එය වසර 143ක ඉතිහාසයක් ඇති එංගලන්ත - ඕස්ට්‍රේලියා ‘අළු බඳුන‘ තරග ඉතිහාසයේ 5වන වේගවත්ම අර්ධ ශතකය වනවා.
අළු බදුන ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය එංගලන්තයේ ජැක් බ්‍රව්න් 1895 වසරේ දී මෙල්බර්න්හිදී පන්දු 34කින් වාර්තාකර තිබෙනවා.
කෙසේවෙතත් ට්‍රැවිස් හෙඩ්ට එම වාර්තාව තමන් සතු කර ගැනීමට නොහැකි වූයේ ඔහු පන්දු 36කදි අර්ධ ශතකය වාර්තා කිරීම හේතුවෙන්.
කෙසේවෙතත් මෙවර අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 8 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ පළමු ඉනිම සදහා එංගලන්තය සියලු දෙනා දැවි ලකුණු 172 ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව ඊට පිළිතුරු ලෙස සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132 ක්.
තරගයේ දෙවන ඉනිම සදහා එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 164 ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 205 ක ඉලක්කයක් හිමි වුණා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවි ලකුණු 205ක් රැස් කරමින් තරගය ජයගත්තා.
ඒ අනුව වසර 104කට පසුව මෙම තරගය දින දෙකක් තුළ අවසන්වීම විශේෂත්වයක් වනවා.




