එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි නුවර රැදී සිටිමින්, මැදපෙරදිග යුද්ධයේ දී භාවිත කළ ඩ්‍රෝන යානා , මිසයිලවල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල තබා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.
ඩ්‍රෝන යානා , මිසයිලවල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනවල තබාගෙන ඒවාට සමාජ මාධ්‍ය ජාල හරහා සිය කැමැත්ත සහ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනා මත ඔවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි එරටින් පිටුවහල් කර ඇත්තේ.
ඒ අනුව එම පිරිස ඊයේ රාත්‍රියේ අබුඩාබි නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිට එවා තිබූ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
ඔවුන් අම්බලන්ගොඩ, මාරපන, බණ්ඩාරගම, බොරැල්ල, පොළොන්නරුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
එම පිරිස ශ්‍රී ලංකාව තුළ පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ කල්ලි සමග හෝ මත්ද්‍රව්‍ය ජාලය සමග සම්බන්ධතා පවත්වා ඇත් ද යන්න පිළිබද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශන කටයුතු අවසන්වීමෙන් අනතුරුව මෙම පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වුණේ.
මෙම පිරිස සමග අත්අඩංගුවට ගත් 21 දෙනෙකුගෙන් යුත් එරටින් පිටුවහල් කළ පළමු කණ්ඩායම පසුගිය 22 වනදා ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
පසුව ඔවුන් පිළිබද සිදු කළ විමර්ශනවලදී , එම පිරිස අතර සිටි රතු වරෙන්තුකරුවන් , පාතාල ක්‍රියාකරුවන් , මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි පුද්ගලයන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග එක්ව කටයුතු කළ අය පිළිබද අනාවරණ වී තිබුණා.
ඒ අනුව ඔවුන්ට එරෙහිව පොලීසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.




