Published
රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ‘ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන මුදල් අයකැමිවරයෙක්.
තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට පැමිණි සැකකාර ගුවන් මගියාගේ ගමන් මල්ලේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 365 ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.




