කොකේන්  මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මත්ද්‍රව්‍ය පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට දිවයිනට රැගෙනවිත් ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ, සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02 ක් තුළ සූක්ෂම ලෙස සගවා තිබියදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.

ඒවායෙහි වටිනාකම රුපියල් දස කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවට අනාවරණ වී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.