Published
බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි හෝටලයක ඊයේ රාත්රියේ හටගත් ගින්නට හේතුව අනාවරණ කර ගැනීම සදහා තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.
අදාළ හෝටලයේ හටගත් ගින්න නිවිම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 4 ක් යොදවා තිබුණා.
ගින්න හටගත් අවස්ථාවේ එහි රැදී සිටි විදේශිකයන් තිදෙනෙකු මුදා ගනු ලැබුවා.
එමෙන්ම ගින්නේ දුම ආඝ්රාණයවීමෙන් තවත් කිහිප දෙනෙකු රෝහල්ගත කළ බවයි වාර්තා වුණේ.




