Published
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ දයා පුෂ්පකුමාර හේවා බැට්ටගේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකාර හිටපු ප්රාදේශීය සභාපතිවරයා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු ලබන 18 වනදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඔහුට අයත් ඉඩමක් නීති විරෝධී ලෙස ප්රාදේශීය සභාවට මිලදී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94ක මුදලක් ලබාගෙන අයුතු වාසියක් සිදු කර ගැනීම සහ තවත් චෝදනා 3 ක් යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.




