අවිස්සාවේල්ල බස් නැවතුම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුව වී තිබෙනවා.

අදාළ ඝාතනය සිදුකළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මාතලේ, කටුදෙණිය ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 53 ක් වූ කටුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු කටුදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සමග මත්පැන් පානය කර තිබෙනවා.

එහිදී මුරකරු සහ මරණකරු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මුරකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදි අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 77 ක් වන කටුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්'