Published
ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටි සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ හිනිදුම, දුංහේන ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි.
එහිදී තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් දෙදෙනා රෝහල් ගත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ මන්ත්‍රීවරයාගේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන් ගත් කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




