Published
භූමිතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, එම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අදාළ බස් රථය නවතා සිදුකළ පරීක්‍ෂාවකදීයි.
එම බස් රථය කොළඹ සිට මොණරාගල දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.
බස් රථයේ තිබී භූමිතෙල් ලීටර් 100 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එම බස් රථයේ කොන්දොස්තරවරයා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කොන්දොස්තරවරයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




