Published
”ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව හයවන දිනටත් යක්කල අබේසේකරාරාමය අසලින් අද උදෑසන ගමන් ආරම්භ කළා.
ඒ, කැලණිය රජමහා විහාරය දක්වායි.
ඒ අනුව හෙට දිනයේ දී සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් ආරම්භ කෙරෙනවා.
එහිදී ”ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වනදා ආරම්භ වුයේ දඹුල්ල රජමහා විහාරස්ථානයෙන්.




