Published
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ එලෙස වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
සිරමැරිදි දෙකක සිටි සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට ඉඩලබාදීම, දුම්වැටි හා ලයිටර්, දුම්කොළ කැබලි ළඟ තබාගැනීමට ඉඩ සලස්වාදීම එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එල්ල වන චෝදනා වනවා.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සිරමැදිරි පරීක්ෂා කිරීමේදී මෙම තහනම් ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.




