විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.