දකුණු පළාත තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් මාර්ග ගත ක්‍රම වේදය ඔස්සේ ස්ථානීය දඩ මුදල් ගෙවීමට අද සිට අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.
මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී පවසා සිටියා.
දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු පැවසීය
එමෙන්ම ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.



