ලොව ප්‍රකෝටිපති එලොන් මස්ක්ගේ, ස්පේස් එකස් (Space X) සමාගමේ “ස්ටාර්ශිප්” (Starship) රොකට්ටුව ලෝකයේ වැඩිම කතාබහට ලක් වූ රොකට්ටුවක්. ඒ, එය අභ්‍යවකාශ ගත කිරීමේ බලාපොරොත්තුව අවස්ථා කිහිපයකදී බිඳ වැටීමත් සමගයි. මෙම වසරේ පමණක් “ස්ටාර්ශිප්” (Starship) රොකට්ටුව දියත් කිරීම අවස්ථා තුනකදී අසාර්ථක වුණා. එහෙත් බලාපොරෙත්තු අත්නොහැරි එලොන් මස්ක්, ලොව විශාලතම සහ බලවත්ම මෙම රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමට යළි තීරණය කළා. එය අද අභ්‍යවකාශ ගත වුණේ ටෙක්සාස් සිටයි. 2027 දී ආර්ටිමෙස් (Artemis) වැඩසටහන සඳහා මිනිසුන් සඳට යැවීමට මෙම රොකට්ටුව භාවිතා කිරීම නාසා ආයතනයේ සැලසුමයි. ආර්ටිමෙස් (Artemis) වැඩසටහන යනු 1972 වසරේ ඇපලෝ වැඩසටහනෙන් පසු මිනිසුන් සඳ මතට ගොඩ බැස්වීමේ පළමු කාර්ය මණ්ඩල මෙහෙයුම වනවා.