සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවන දිනට තරගය නතර කරන විට කඩුළු 3 ක් දැවී ලකුණු 81ක් රැස්කර ගෙන සිටියා.

ඒ, අනුව ඔවුන් පකිස්තානයට වඩා ලකුණු 261 ක් ඉදිරියෙන් පසුවනවා.

තරගයේ කාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී පළමු ඉනිමට ලකුණු 290 ක් රැස් කළා.

එංගලන්තය වෙනුවෙන් ජේමි ස්මිත් ලකුණු 61 ක් සහ ජෝර්ඩන් කොක්ස් ලකුණු 55 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී පාකිස්ථානයේ මොහොමඩ් අබ්බාස් ලකුණු 73 කට කඩුලු 4 ක් බිඳහෙළුවා.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

පාකිස්තාන ඉනිම සුනුවිසුනු කළ ඕලි රොබින්සන් ලකුණු 11 කට කඩුලු 4 ක් සහ ජොෆ්රා ආචර් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත්තා.

තරගයේ තෙවන දිනය අදයි.

තරග 3 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස දැනටමත් පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.