පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අවාසනාවන්ත ලෙස බොදවී ගියා.

ඒ, බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 65 බර පන්තියේ පිරිමි තරගයේදීයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගි වූ සඳූ ජයවර්ධන එහි 5 වන ස්ථානය දිනා ගත්තා.

ඒ, කිලෝග්‍රෑම් 275ක දක්‍ෂතාවක් දක්වමින්.

තරගයේ ලෝකඩ පදක්කම ඔහුට ගිලිහී ගියේ කිලෝග්‍රෑම් 7ක සුළු පරතරයකින්.

මැලේසියාවේ අස්නිල් බින් මොහම්මද් කිලෝග්‍රෑම් 299 ක දක්‍ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තා.

රිදී පදක්කම දිනාගත්තේ ඉන්දියාවේ රාජා මුතු පන්ඩියි.

ඔහු දැක්වූ දක්‍ෂතාව කිලෝග්‍රෑම් 286 ක්.

පැපුවා නිව්ගිනියාවේ මොරියා බාරු කිලෝග්‍රෑම් 282ක දක්‍ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගත්තා.